Thursday 28 April 2016

පේරාදෙනි කම්මලේ කොරිඩෝරය




කොරිඩෝරය...කොරිඩෝරය ...

එහෙටත් ගිය කොරිඩෝරය 
මෙහෙටත් ගිය කොරිඩෝරය 
අප හමුවුණ කොරිඩෝරය 
අප වෙන්වුණ කොරිඩෝරය ....

ආසියාවෙ දිගම එකලු

තෙල් බෙදන්න කියපු තැනලු
කරත්තෙ දක්කන්න වුණත්
හිටිහැටියෙම නරක නැතිලු...

ඇන ගත්තම දුක කියන්න

ඕනෙ වුණොත් වළ බහින්න
ගොයින් ඩවුන් ඉවර වෙලා
එළිවෙනකල් වැටිල ඉන්න

කොරිඩෝරය....කොරිඩෝරය...

මේක තමයි කොරිඩෝරය...
අවුරුදු හතරක් තිස්සේ
කට්ට කාපු කොරිඩෝරය...

හෙන්රි වර්ණකුලසූරිය

2 comments:

  1. ඕකෙ පැත්තක පාක් කොරලා තිබ්බ හෙලිකොප්පරේ තාම තියෙනවැයි?

    ReplyDelete
    Replies
    1. මෑතක් වෙනකල්ම තිබුණා..දැන් නැද්ද කොහෙද..

      Delete