Tuesday 5 April 2016

ප්‍රාර්ථනාවේ කවිය

වසරකට වරක් එක ලෙස පෙනෙන
මහා බියකරු හීනයෙන් තිගැස්සී අවදි වෙමි
රැයේ නින්දත් නොනින්දත් අතරමැද
හීන් සීරුවේ හිස නගා බලන්නෙමි

ඈත රිටිගල කන්ද  පාමුලින් මතුව එන

නිවි නිවී දැල්වෙනා කදෝපැණි එළියකට
එදා මෙන් අදත් රැවටී හිඳින්නෙමි

මහ රැයේ ගිනි හුළක් අතින් ගෙන පා නැගූ

නව ලොවක් තනන්නට පාරමී දම් පෙරූ
ඔවුන් ගැන මතකයෙන් ඒ එළිය දෙස බලමි

හෙට පිපෙන රතුපාට මල් පොකුරු නෙලා ගෙන

නාඳුනන සොහොන් ගැබ මත එමල් අතුරුවා
රැයේ සුළඟට හොරෙන් පහන්  දල්වා තබමි.


හෙන්රි වර්ණකුලසූරිය

(බක් මහ සැමරුමක් ලෙසින් අවුරුදු 24 ට පෙර ලියූ කවියක්)

4 comments:

  1. ලස්සනයි හෙන්රි අයියේ............. ඔය කවියාට සිංහල හින්දු අලුත් අවුරුද්ද සුභම සුභ වේවා යැයි පතන්නෙමු...

    ReplyDelete
    Replies
    1. අවුරුද්දත් කිට්ටු කිට්ටු.
      සුබ සිංහල හා දෙමළ අලුත් අවුරුද්දක් වේවා..

      Delete
  2. සිහිනයක්ම වුනු සමාජවාදී සිහිනය.

    ReplyDelete