Thursday 3 March 2016

එහෙම නං ඔබ එන්න....!

ගිම්හානයේ දැවෙන
දාහයෙන් ගැලවෙන්න
සැඩ කුණාටුව හමන
මාරුතෙන් සැඟවෙන්න
වැලි කතරෙ පිපාසෙට
දිය බිඳෙන් සැනහෙන්න
වස්සානය ළඟයි
එහෙම නං ඔබ එන්න...

කහවනු පොදි වලින්
ජීවිතේ මිමි මනින
ආදරෙත්, සෙනෙහසත්
මෝහයෙන් බිලි කරන
මග හැරුණු ළබැඳියන්
මග හැරිද්දෙන් කියා
අනාරක්ෂිත ඉමේ
තවත් නොරැඳී ඉන්න

කුරිරු මිනිසුන් අතර
සිතට සහනය ගෙනෙන
ගතට උණුහුම පුදන
නෙතේ කඳුලැලි පිසින
ජීවිතේ බර දරන
කෙම්බිමක් සොයා ගෙන
එහෙම නං ඔබ එන්න...

සිතුම් සිරකර ගන්න
පැතුම් සපුරා ගන්න
බැඳුම් අතහැර ලන්න
හැඟුම් කුලියට දෙන්න
රැඟුම් රඟනා අයට
රංගනය කර ගන්න
වේදිකාවේ නොසිට

එහෙම නං ඔබ එන්න...

හෙන්රි වර්ණකුලසූරිය 

4 comments:

  1. එහෙමනං ඔබ එන්න.............

    සුන්දරයි හෙන්රි.........

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කුරුටු.

      Delete
  2. සුන්දරයි. ඔබගේ නවකතා දෙක මම කියෙව්වා. විශිෂ්ටයි. බ්ලොග් ලිපියක් ලියන්න හිතන් ඉන්නවා මේ කලබලේ මග හැරුනහම.

    ReplyDelete
    Replies
    1. අජිත්....බොහොමත් ස්තූතියි. ඔබේ අදහස් දැන ගනු රිසියෙමි.
      බ්ලොග් එකක් ලියනවා නං හරිම වටිනවා

      Delete