Monday 4 January 2016

අබුද්දස්ස කාලෙ කවිය


පිටි කොටන්න විදිහක් නෑ
වංගෙඩියත් අරං ගිහිං
පිටි අනන්න විදිහක් නෑ
බත්තලඳත් අරං ගිහිං
පුච්චන්නට විදිහක් නෑ
රොටි තැටියත් අරං ගිහිං
රොටි කන්නට විදිහක් නෑ
හැම් බේකන් තමයි ඉතිං......

කොරහත් බිඳගෙන යනවලු
යන්න යද්දි යන යකා
අබුද්දස්ස කල ලැබුවම
ලබුත් තිත්ත වෙයි ඉතා
පිටිකරයට බේත් බැන්ඳෙ
පයබරවායට එදා
හෙවනැල්ලත් ඇද වෙනවලු
නොකෙරෙන දීගෙට මෙදා.....

පොළොව ඇදයි කිව්ව තමයි
නටන්න බැරි මිනිහා
කෝඳුරු තෙල් හත් පට්ටෙට
තවත් ටිකක් ඕනෙ නේද
නොකෙරෙන වෙද කමටා
මිදි තිත්තයි කිව්ව තමයි
බැරි වුණ තැන හිවලා
පෙරළුණු පිට හොඳයි කියල

පදිමු ඔරුව පෙරටා.......

- හෙන්රි  වර්ණකුලසූරිය 

No comments:

Post a Comment