Thursday 14 January 2016

මහඟු ප්‍රේමය

රැයේ නින්දත් නොනින්දත් මැද
යොදුන් ගව්දුර ඈත නුවරක
සීතලේ ගුලි වෙමින් ඉකිලන
මහඟු ප්‍රේමය මහද සනහන
සිහිනයෙන් මෙන් ළඟට සපැමිණ
සුසුම් හෙළමින් ගතේ දැවටෙත......

හඬක් නොනගා විටෙක මතු වන
තිරයෙ මතු වී කෙමෙන් බොඳ වන
සිත පහන් වන ඔබේ රුව දැක
දෙනෙත් අග කඳුළක්ය මතු වන..

- හෙන්රි වර්ණකුලසූරිය 

2 comments:

  1. සින්ඩියට දැම්මා............ දිගට ම ලියමු.... අනික් සින්ඩි ටිකටත් යන්න......

    ජයවේවා......

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. බොහොමත්ම.

      Delete