Monday 12 June 2017

හන්තාන වළප




මහවැලිය මොහොතකට නවතින්න
හන්තාන ඉකිබිඳුම නවතන්න
කළු පාලමේ සිල්පර යාය
සලිත වී මොහොතකට ගල් වෙන්න...

සුසුම් රැඳි හාදු වංගුව අසල
ඇවිද ගිය ප්‍රේම මාවත නිසල
නෙතට නෙත යළිදු හමු වූ දිනෙක
හඬවමින් ඉකි ගැසූ රුදු මතක...

බිම හැලුණ
රොබොරෝසියා මල
සිත පිරුණ සිහිනයෙන් ගෑ සුවඳ
රිදුම් දෙන 
මතකයේ සිහිවටන 
ජීවිතේ සෙව්වාද ගෝමරිය...

-හෙන්රි වර්ණකුලසූරිය

1 comment:

  1. පොඩි ගතියකුත් නැත්තෙම නෑ
    ගති ඉතිං. හිහි

    ReplyDelete