Sunday 17 January 2016

නික්ම යෑම

ජීවිතේ බර පැසක අහුරා
හිස තබාගෙන පා නගන්නෙමි
වළ ගොඩැලි පිරි දුර්ග මාවත
වැටි වැටී යළි යළිත් නැගිටිමි
ආවෙ තනියම යන්නෙ තනියම
අත්වැළක් නැති කලෙක තනි වෙමි
කාත්කවුරුත් නැති වෙලාවක
හීන් සීරුවෙ නික්ම යන්නෙමි.

- හෙන්රි වර්ණකුලසූරිය 

5 comments:

  1. කාටත් හොරාම................

    අගෙයි හෙන්රි සහෝ....

    ReplyDelete
    Replies
    1. කාටත් හොරාම යන එක කාටත් හොඳයි.

      Delete
  2. නියමයි. කියවන්න ආයෙ එන්නං.

    ෆලොවර්ස් ගැජට් එක දැම්මොත් අපිට ලේසියි... :-)

    ReplyDelete
    Replies
    1. ස්තූතිය...ඔන්න දැම්මා

      Delete
    2. ස්තූතිය...ඔන්න දැම්මා

      Delete